hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 01, ප.ව. 2:18



2023 වර්ෂයේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඊට අදාළ චක්‍රලේඛය අද (01) සිට බලාත්මක වන බවයි.

එම ට්විටර් පණිවිඩය පහතින්,

රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය මේ වසර සඳහා ද වලංගු වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් 2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කර තිබුණා.

ඒ අනුව ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරින්ගේ වගකීම බව තරයේ අවධාරණය කර තිබෙනවා.

පවත්නා අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් 2023 වර්ෂයේදී රජයේ වියදම් දැරීම අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව සිදුකළ යුතු බවත් රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරනු ලබන වියදම් අත්හිටුවිම යන මැයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ විධිවිධාන තවදුරටත් දැඩිව පිළිපැදිය යුතු බව නව චක්‍රලේඛය මගින් පෙන්වා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: