hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2023 ජූනි 29, පෙ.ව. 12:15



අලුත් බදු හඳුන්වා දෙමින් ජනතාව මත තවදුරටත් බර පැටවීම සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බදු ජාලය පුළුල් කරමින් බදු අය කරගත යුතු පිරිස ඊට ඇතුළත් කර ගනිමින් අදායම් ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාව බවයි.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර සංවිධාන පවා අපේක්ෂා නොකළ වේගයකින් රට ආර්ථිකමය වශයෙන් නැගී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ඒ සියලු ජයග්‍රහණයන් ජනතාවට හිමිවිය යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: