hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 19, පෙ.ව. 12:04



මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පස්වරුවේ යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ, වැට් අය කරන්නේ නම් වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බවයි.

එසේම, වැට් අය කිරීමේ සීමාව ඉදිරියේදී මිලියන 80 සිට මිලියන 60 දක්වා පහළට ගෙන එන බව ද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මේ අතර, 2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මේ අනුව, දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බවයි, අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමෙන් පසුව අතිරේකව රුපියල් බිලියන 14ක් පමණ රජයට වැය වන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් තුළ, වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල ඉතිරි ගත යුතු බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: