hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:04



18% දක්වා වැට් බදු ඉහළ යාම මත ජනවාරි මාසයේ සිට පාසල් උපකරණ මිල පවතින මිලට සාපේක්ෂව දෙගුණයකින් මිල ඉහළ යාමට හැකි බව පොත් හල් හිමියන් පවසයි.

ආනයනික ඇතැම් පාසල් උපකරණ මිළ කොපමණ අගයකින් ඉහළ යා දැන් පැවසිය නොහැකි බවත් එන වසරට අවශ්‍ය පොත් පත් ඇතුළු පාසල් උපකරණ මේ වසර අවසන් වීමට පෙර මිලදී ගැනීම වඩා සුදුසු බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ වනවිටත් පාසල් උපකරණ මිල දරා ගත නොහැකි මට්ටමට ඉහළගොස් ඇති බව දරුවන්ගේ දෙමාපියන් පවසනවා.

පසුගිය මාසයේ පැවති මිලට වඩා සෑම පාසල් උපකරණ වල මිල රුපියල් 05-15 අතර මිලකින් දැනටමත් ඉහළගොස් ඇතිබවටත් ඔවුන් කියනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: