hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 20, පෙ.ව. 12:15



දැනට වෙළෙදපොලේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ දමා තිබුණත් සංස්ථා නිෂ්පාදන නාමය යටතේ වන කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන, අලෙවි මණ්ඩලය විසින් අලෙවි කරනු ලබන කිසිදු ආහාර ද්‍රව්‍යයක මිල අයුතු ලෙස ඉහළ දමා නොමැති බව කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනි කුමුදිනි ගුණසේකර මහත්මිය පවසනවා.

තත්ත්වයෙන් උසස් නිෂ්පාදන රැසක් අවම මිලක් යටතේ අලෙවි කිරීමට පියවර ගෙන ඇති බවයි ඇය සඳහන් කරන්නේ

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා බත්තරමුල්ල පිහිටි කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ අලෙවි මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කළ අවස්ථාවේදී නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපතිනිය මේ බව සඳහන් කරනු ලැබුවා

මේ වනවිට රටේ ජනතාවට ජීවන වියදම් ඉහළ යාම දැඩිව දැනෙමින් පවතින අවස්ථාවක මිරිස්, තුනපහ, ඇතුළු සියලු කුළුබඩු අඩු මිලට ලබා දීමට පියවර ගැනීම ඉතා හොඳ බවත් ඒ සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එම මණ්ඩලයේ කළමනාකාරිත්වයට සිය ස්තුතිය පළ කළා

මේ අතර දරුවන්ගේ හා මව්වරුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත නිෂ්පාදනය කර ඇති කලින් පිසින ලද ධාන්‍යමය අතිරේක පෝෂණ අතිරේකයක්ද හඳුන්වා දීම සිදුකෙරුණ බවයි පැවසෙන්නේ

මෙම පෝෂණ අතිරේකය සඳහා ඛනිජ, ලවණ හා විටමින් වර්ග රැසක් අන්තර්ගත කර ඇති අතර දරුවන්ට හා මව්වරුන්ට පහසුවෙන් ආහාරයට ගැනීමට හැකි වන පරිදි සකස් කර තිබෙනවා .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: