hit counter

2026 මාර්තු මස 31 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 12, පෙ.ව. 12:02



2024/2025 වරිපනම් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත බද්ද අගෝස්තු මස 15 වන දිනට ගෙවීමට නියමිත බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව, පළමු වාරිකය අගෝස්තු 15 වැනිදාට පෙර ගෙවිය යුතු බවයි, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසුවේ.

විද්‍යුත් ක්‍රමයට ගෙවීම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රතිපාදන සලසා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස්වරයා ප්‍රමාද වූ බදු ගෙවීම් සඳහා අදාළ වන දඬුවම් සහ පොලී අනුපාත ද විස්තර කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: