hit counter

2024 මැයි මස 22 වන බදාදා

2022 මැයි 24, පෙ.ව. 9:27



රජයේ ත්‍රිපෝෂ සමාගම වසා දැමීමට සිදුව තිබෙනවා.

ඒ බඩඉරිඟු හා සෝයා නොමැතිවීම හේතුවෙන්.

මේවන විට අතිරේක ආහාර නිෂ්පාදන ආයතන වසා දමන තත්ත්වකට පැමිණ ඇති බවයි එම සමාගම් පවසන්නේ.

ත්‍රිපෝෂවලට සමාන අතිරේක ආහාර නිපදවන මහා පරිමාණ සමාගම් ද මේ වන විට මෙම අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ප්‍රශ්නය හේතුවෙන් නිෂ්පාදන අවම කර ඇතැයි වාර්තා වනවා.

එමෙන් ම, බඩඉරිඟු හා සෝයා යොදාගෙන අතිරේක ආහාර නිපදවන කුඩා පරිමාණ ව්‍යාපාර බොහොමයක් මේ වන විට වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට රට තුළ බඩඉරිඟු හිඟයක් ඇති බවත් ඉදිරි මාස් කන්නයේ එනම්, ලබන ඔක්තෝබරයේ ගොවීන් විසින් බඩඉරිඟු වගා කළොත් එහි අස්වනුවලින් නිෂ්පාදන කළ හැකි බවත් ත්‍රිපෝෂ ලංකා සමාගම පෙන්වා දෙනවා.

යල කන්නයේ වගා නොකිරීමට හේතුව යූරියා හිඟය බවයි වාර්තා වන්නේ.

මාස් කන්නයේදීත් යූරියා හිඟ වුවහොත් අස්වනු බලාපොරොත්තු විය නොහැකි තත්වයක් තුළ ඉන් අතිරේක ආහාර නිෂ්පාදනය මුළුමනින් කඩාවැටෙනු ඇති.

මේ නිසා බඩඉරිඟු වගා කරන ගොවීන් සඳහා ද සහනාධාරයක් ලබාදී දිරිමත් කිරීමට රජය පියවර ගතයුතුව තිබෙනවා.

වාර්ෂිකව මෙරට බඩඉරිඟු පරිභෝජනය මෙට්‍රික් ටොන් තුනහමාරක් පමණ වනවා.