hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 04, පෙ.ව. 9:38



TIN ලබාගන්න හැටි ගැන දැනගන්න කලින් මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි, ඔබ TIN Certificate එක ලබාගැනීම සඳහා කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයෙක් ගෙන් සේවාවක් ලබා ගන්නේ නැතිනම් කිසිම හේතුවක් මත ඔබගේ පෞද්ගලික සංවේදී තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැර කිසිම පාර්ශවයකට ලබාදෙන්න එපා.

✔ කොහොමද TIN Certificate එක තනිවම ලබාගන්නේ?

⭕ TIN Certificate එක (පෞද්ගලික) ලබාගැනීමට පෙර ඔබ පහත ලේඛනවල, පැහැදිලි scan පිටපත් සූදානම් කරගත යුතුයි.

01. ජාතික හැඳුනුම්පත / වලංගු රියදුරු බලපත්‍රය / වැඩිහිටි හැඳුනුම්පත

02. ඔබගේ ස්ථිර ලිපිනය, ජාතික හැඳුනුම්පතේ සඳහන් ලිපිනයට වඩා වෙනස් නම්, අදාල ලිපිනය තහවුරු කිරිම සඳහා ඔබගේ නමට නිකුත්කල ජල හෝ විදුලි බිල්පතක් / ස්ථාවර දුරකතන බිල්පතක් / ග්‍රාම සේවක සහතිකයක්

03. ඔබ, ලියාපදිංචි කරන ලද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම්, අදාල ව්‍යපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.

0️⃣1️⃣ පියවර

TIN Certificate එක අයදුම් කිරීම වෙනුවෙන් ඕනෑම වෙලාවක පිවිසිය හැකි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ePortal වෙත මුලින්ම ඔබ පිවිසිය යුතුයි. 👇

https://eservices.ird.gov.lk/…/TINReg…/ShowRequestHeader

පහළින් තියන QR Code එක scan කරලා යන්නත් පුළුවන්

0️⃣2️⃣ පියවර

එම අතුරු මුහුණතේ ‘Registration Type’ ලෙස සඳහන්ව ඇති තැන ‘INDIVIDUAL LOCAL’ ලෙසින් තෝරා, එවිට ලැබෙන අයදුම්පත නිවැරදිව පුරවන්න

◾ Nearest regional office යන කොටස පුරවන්න එපා.

◾ CONTACT NUMBER කොටසේ, ඔබගේ ජංගම දුරකතන අංකය සහ භාවිතයේ පවතින email address එක නිවැරදිව ඇතුළත් කරන්න

◾ අයදුම්පත පිරවීමේදී BANK INFORMATION ලබාදිම අත්‍යවශ්‍ය කර නැති නිස එම කොටස පිරවීමට අවශ්‍ය නෑ.

◾ ඔබ විවාහක නම් FAMILY INFORMATION යටතේ සම්පූර්ණ කල යුතු විස්තරද නිවැරදිව සම්පූර්ණ කරන්න.

◾ ඔබ තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකරුවෙක් නම් INDIVIDUAL BUSINESS යටතේ ඔබගේ ව්‍යාපාරයේ විස්තර නිවැරදිව ඇතුළත් කරන්න

0️⃣3️⃣ පියවර

Supporting Documents ලෙසින් ඇති කොටසට ඔබ සුදානම් කරගෙන ඇති ජාතික හැඳුනුම්පත ඇතුළු scan ලේඛන නිවැරදිව තොරා upload කරන්න

◾ Purpose of registration ලෙසින් ඇති කොටසට Tax Purpose ලෙස තෝරන්න

◾ පසුව, එම අතුරු මුහුණතේ පහත ඇති ‘Next’ button එක click කරන්න

0️⃣4️⃣ පියවර

ඔබ ඇතුළත් කල සම්පූර්ණ විස්තර දැන් ඔබට දිස්වනු ඇත.

◾ එම තොරතුරු වෙනස් විය යුතු නැත්නම් DECLARATION යන කොටස සම්පූර්ණ කර පසෙකින් පෙන්වන සත්‍යාපන කේතය ඇතුළත් කර ‘submit’ කරන්න.

◾ එවිට ඔබට ලැබෙන Acknowledgement එක, TIN Certificate එක ලැබෙන තුරු සුරැකිව තබාගන්න.

◾ වැඩකරන දින පහක් ඇතුළත් ඔබ ලබාදුන් email address වෙත ඔබගේ TIN Certificate එක සහ PIN එක ඔබට ලබාදේ.

⭕ විශේෂයි :

TIN Certificate එකක් ලබාගත් පමණින් ඔබ ආදායම් බදු ගෙවීම සඳහා බැඳී සිටින්නේ නැත. ඔබගේ ආදායම බදු ගෙවිය යුතු මට්ටමේ පවතීනම් පමණක් බදු ගෙවිම හා බදු වාර්තා ගොනු කිරීම සිදුකල යුතුය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: