hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 8:34



එළවළු තොග මිල ඊයේ (21) ඉහළ ගියා.

තොග සැපයුම කිලෝ ලක්ෂ පහක් දක්වා පහළ ගිය බව දඹුල්ල තොග වෙළෙන්දෝ පැවැසූවා. 

ගෙවුණු සතියට සාපේක්ෂව එළවළු තොග මිල 25%කින් ඉහළ ගිය බවත් තොග සැපයුම 40% පමණ පහළ ගිය බව ඔවුහු පැවැසූවා.

එළවළු වර්ග 10ක පමණ තොග වෙළෙඳපොළට නොලැබුණ බවත් මල් ගෝවා, රතු ගෝවා, කැරට් (යාපනය ), කොළ බීට් (උඩරට) කොළ බීට් (පහත රට), කට්බීට් (උඩරට), ලොකු වට්ටක්කා, බෝල බටු, මුරුංගා, අර්තාපල් (යාපනය සහ වැලිමඩ) ඒ අතර වෙනවා.

ඊයේ දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු කිලෝ ලක්ෂ 05ක පමණ තොග ලැබී තිබෙනවා.

එළවළු වර්ග 14ක තොග මිල රුපියල් 300 ඉක්මවා ගියා. බෝංචි 350ත් – 400ක්, කැරට් 380ත් – 390ක්, කට් බීට් (පහතරට) 410ත් – 420ත්, තක්කාලි 440ත් – 450ත්, අර්තාපල් නුවරඑළිය 320ත් – 330ත්, වැටකොළු 330ත් 350ත්, කරවිල 320ත් – 330ත්, වම්බටු 390ත් – 400ත්, මාළු මිරිස් 420ත් – 450ත්, අමු මිරිස් 790ත් – 800ත් ඇතුළු එළවළු වර්ග තොග මිල ඉහළ ගියා..

ගෝවා, ලීක්ස්, අළු කෙසෙල් ඇතුළු එළවළු වර්ග කීපයක තොග මිල රුපියල් 200ත් – 300ත් අතරද රුපියල් සියයට අඩු තොග මිලක් එළවළු වර්ග දහයකට පමණ ලැබුණ බව තොග වෙළෙන්දෝ පැවැසූවා.

මේ අතර දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 510ත් – 520ක් ද ලංකා රතු ලූනු කිලෝවක් රුපියල් 250ත් – 350ත් අතර තොග මිලකට අලෙවි විය. ආනයනික රතු ලූනු කිලෝවක් රුපියල් 440ත් – 450ත් සහ ආනයනික ලොකු ලූනු කිලෝවක් රුපියල් 420ත් 450ත් තොග මිලක් ලැබිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: