hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 28, පෙ.ව. 6:57



දිවයින පුරා පවතින අධික වැසි සහ සුළං තත්ත්වය සමග එළවළු මිල ගණන් යළි ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා.

අධික වැසි හේතුවෙන් එළවළු අස්වැන්න නෙළා වෙළෙඳපොළට රැගෙන ඒමට නොහැකිවීම, වගා බිම්වලට වර්ෂාවෙන් හානිවීම යන කාරණා මත යළි එළවළු මිල ගණන් ඉහළ යමින් පවතින බව වෙළෙන්දෝ කියා සිටියි.

එළවළු තොග මිල ගණන් එතරම් ඉහළ ගොස් නැතත්, සිල්ලර මිල ගණන් වැඩිවී තිබෙනවා.

එළවළු වර්ග කීපයක සිල්ලර මිල ගණන් පහතින්,

මුරුංගා රු 720, කැරට් රු 240, මාළු මිරිස් රු 440, බිට්රුට් රු 400, තක්කාලි රු 240, අමු මිරිස් රු 400, බණ්ඩක්කා රු 240, පතෝල රු 320, කරවිල රු 480, වට්ටක්කා රු 160 , බටු රු 240, ගෝවා රු 240, ලික්ස් රු 400, වැටකොළු රු 400, මඤ්ඤොක්කා රු 200, දෙල් ගෙඩියක් රු 300, දේශීය අර්තාපල් රු 360, දෙහි රු 1800, අමු ඉගුරු රු 2500 වශයෙන් අලෙවි කෙරෙනවා.

එළවළු වර්ග කිලෝවක තොග මිල ගණන් පහතින්,

බෝංචි රු.550-600, මුරුංගා රු.200-220, කැරට් රු.120-130, මාළු මිරිස් රු.200-220, බීට් රූට් රු.250-350, තක්කාලි රු.60-80, බණ්ඩක්කා රු. 100-120, පතෝල රු.120-130,කරවිල රු.280-300, වට්ටක්කා රු.70-80, බටු රු.180-200, ගෝවා රු.80-90, ලීක්ස් රු.250-270, වැටකුළු රු.180-200,මඤ්ඤොක්කා රු.60-70, දේශීය අර්තාපල් රු.140-300.

පසුගිය කාලයේදී අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 ත් 1500 ත් අතර මිලක් දක්වා ඉහළ ගියේය. නමුත්, මේ දිනවල අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 70 ක් දක්වා අඩුවී තිබේ. කෙසේ නමුත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 300 ත් 400 ත් අතර මිලකටය.

අමු ඉඟුරු කිලෝවක තොග මිල රුපියල් 2100 ත්, 2300 ත් අතර මිලක් දක්වාද, දෙහි කිලෝවක තොග මිල රුපියල් 1000 ත් 1100 ත් අතර මිලක් දක්වාද වැඩිවී තිබෙනවා. දෙහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1800 කි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: