hit counter

2024 දෙසැම්‍බර් මස 04 වන බදාදා

2024 දෙසැම්‍බර් 03, ප.ව. 2:28



ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද (03) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත වැටී ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයන් පවසනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය තුළ අද පෙරවරුවේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 650 ත් 700 ත් අතර ඉහළ අගයකට අලෙවි වූ බවයි වෙළෙන්දන් පෙන්වාදෙන්නේ.

එමෙන්ම මෙදින බෝංචි වෙළඳපළට ලැබීම ඉතාමත් සීමිත ප්‍රමාණයක් වීම නිසාවෙන් මිල ඉහළ යෑම සිදුවන බවත් එළවළු බහුතරයක ගුණාත්මක තත්වය  පහළ වැටීම නිසා අනෙකුත් එළවළු මිල පහත වැටීම සිදුවන බවත් ඔවුන් පෙන්වාදෙනවා.

ඉකුත් දිනවලින් ඉහල මිල ගණන් ද යටතේ අලෙවි වූ අමුමිරිස් කිලෝව මෙදින රුපියල් 150 ක් 200 ත් අතර පහත වැටී තිබුණා.

රුපියල් 300ක් 350කට අලෙවි වූ තක්කාලි කිලෝව රුපියල් 150ත් 200 ත් වැනි මිලකට මෙදින අලෙවි වූ අතර  වට්ටක්කා කිලෝව රුපියල් අනුවත් සීයක් අතර මිලකට අලෙවි වුණා.

විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට් කිලෝවක් 03 දින දහවල් වන විට රුපියල් 60 සිට රුපියල් 100 දක්වා වූ මිල ගණන් යටතේ අලෙවිවීම විශේෂත්වයක්.

ඒ අනුව ලීක්ස්  කිලෝවක්ද රුපියල් සියයත් එකසිය විස්සත් අතර මිලකට අලෙවි වුණා.

ව්‍යාපාරිකයන් පෙන්වාදෙන්නේ, කන්ද උඩරට ප්‍රදේශවලින් මෙන්ම පහත රට ප්‍රදේශ වලින් ලැබෙන එළවළු තොග මිලද පහත වැටී ඇති බවයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පොල් ගෙඩියක තොග මිල රුපියල් 150කට අලෙවිවනු දැක ගැනීමට හැකි වූ අතර එම පොල් සිල්ලර වෙළඳපොලේ එක ගෙඩියක් රුපියල් 180කට අලෙවිවීම විශේෂත්වයක්.

එළවළු සිල්ලර මිල සීග්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ තොග මිලදී ගත්තද ඒවා වැස්ස සමග විනාශ වීම නිසා  විශාල වශයෙන්ම ඉවත් කිරීමට සිදුවීම නිසාවෙන් බව සිල්වර වෙළෙන්දෝ පෙන්වාදෙනවා.

දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ  අද එළවළු කිලෝවක පැවති තොග මිල පහතින්,

බෝංචි 650  ත් 700

  ලීක්ස් 100ත් 140

 කැරට්  60 ත්  100

ගෝවා  40 ත් 100

තක්කාලී  180200 

රාබු  30 ත් 60

නො කෝල් 280.ත් 300

කැකිරී  50 ත් 60

  පිපිඤ්ඤා   80ත් 100

වැටකොලු    160 ත් 240  

බණ්ඩක්කා  50 ත් 60

පතෝල 150 ත් 160

 වම්බටු   150 ත් 200

අමු මිරිස් 150ත් 200

මැකරල් 30ත් 50

මාළු මිරිස්  300 ත් 350 

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: