hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:04



බදු නොගෙවූ සුපිරි වාහන 500ක් දිවයින පුරා ප්‍රදේශ වලින් සොයාගෙන තිබෙනවා.

අනුමත බදු නොගෙවා වාහන අමතර කොටස් ආනයනය කර සැකසූ සුපිරි වාහන අලෙවි කිරීමේ ජාවාරමක් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම මගින් මෙලෙස සොයාගෙන තිබෙනවා.

විවිධ ධනවත් හා බලවත් පුද්ගලයන් මෙම වාහන භාවිත කරන බවයි මේ වන විට වාර්තා වී තිබෙන්නෙ.

ඒ අනුව නීති විරෝධීව කොටස් එකලස් කර මෙම වාහන සලසා එවැනි පිරිස් වෙත අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබදව සිදු කළ සොයා බැලීමකදි මෙම ජාවාරම හෙළිවී තිබෙනවා.

මෙම වාහන වලින් රජයට අහිමි වූ ආදායම කෝටි සිය ගණනක් බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: