hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:05



18% දක්වා වැට් බදු ඉහළ දැමීම හේතුවෙන් වාහන අමතර කොටස් ගාස්තු රුපියල් 300-600 අතර මිලකින් ඉහළ යනු ඇතිබව වාහන අමතර කොටස් අලවිකරුවන් පවසයි.

වැට් බදු වැඩි කිරීම ජනවාරි මාසේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූන ද සැපයුම් කරුවන් දැනටම ඇතැම් වාහන අමතර කොටස් නිකුත් කරනුයේ වැඩි මිලකට බව වෙලදුන් පවසයි.

එම ඇතැම් අමතර කොටස් පසුගිය මාසයේ පැවති මිලට වඩා රුපියල් 30-40 අතර මිල ඉහළ යාමක් තිබෙනවා.

ලබන මාසයේ අමතර කොටස් මිල ඉහළ යාම හමුවේ තමන් ඇතුළු සියලු පාරිභෝගික ජනතාව දැඩි පීඩාවට පත්වන බව වෙළදුන් සදහන් කරයි.

මේ අතර ඉතා දුෂ්කර ප්‍රදේශ වල පවතින ඇතැම් ගරාජ වැසි යන තත්වයට පත්ව ඇතිබව ගරාජ හිමිකරුවන් සදහන් කරයි.

වාහන අමතර කොටස් මිල අධික වීම සහ අධික ජීවන බර හේතුවෙන් බොහෝ රථවාහන නියමිත කාලයේදී අලුත්වැඩියා නොකිරීම ඊට හේතුවී තිබෙනවා.

ඒ හේතුවෙන් ඇතැම් රථවාහන ධාවනයට නුසුදුසු මට්ටමේ පවතියි.

ඒ හේතුවෙන් අනතුරු සිදුවීමට ද හැකි බව ගරාජ හිමියන් වැඩිදුරටත් පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: