hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 12:04



පසුගිය වසර තුනක කාලයේ දී රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනාකමින් යුත් සර්වණාභරණ හා දේපළ විකුණා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකුව වාර්තා මගින් ෙපෙන්වා දෙනු ලබයි.

ආර්ථික අපහසුකම් හේතුවෙන් ජනතාව මෙසේ තම දේපළ උකස් කිරීමට හෝ විකුණා දැමීමට පෙළඹී ඇති බවයි එම වාර්තා මගින් හෙළිදරව් වන්නේ.

ඇතැම් නිවාසවල ස්වර්ණාභරණ සියල්ලම විකුණා දමා අවසන්ව ඇති බවද එහි සඳහන් වෙයි.

වාහන ලක්ෂ දෙකකට වැඩි සංඛ්‍යාවක්ද පහුගිය වසර කීපයකදී විකුණා දමා තිබෙන බවයි පැවසෙන්නේ.

වාහන වෙළඳපළේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ ආර්ථික ගැටළු හේතුවෙන් වාහන මිලදී ගැනීම ද සියයට අසූවකින් පමණ පහත බැස ඇති බවයි.

ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයට අදාල වාහන ද ගොවිතැනට සම්බන්ධ වාහන ද ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පසුගිය වසර දෙකේදී විකුණා දමා තිබේ.

කෙසේවෙතත් මෙලෙස වාහන මිල අධික ලෙස ඉහළ යෑමත් මෙම කාරණා වලට හේතුවක් වේ.

නමුත් මෙවන් තත්ත්වයක් තුළ ඉදිරියේදී වාහන මිල පහළ යනු ඇති බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: