hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 14, පෙ.ව. 12:20



ලබන වසරේ සිට ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ “යුනයිටඩ් යූත් තරුණ එකමුතුව” විසින් තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කල සුහද හමුවකට එක් වෙමින්

ඔහු පවසන්නේ එලැඹෙන වසරේ සිට එය ක්‍රමානුකූලව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම මෝටර් රථ වෙළඳපලේ පවතින ගැටළු පිළිබඳ තමන් දැනුවත් බවත් එහෙත් ගෙවුම් ශේෂය තවම යහපත් අතට පත්ව නොමැති නිසා මෝටර් රථ ආනයනය සිදු කිරීමට අවසර ලබා දී නොමැති බවයි ඔහු පවසන්නේ.

තවද ජනාධිපතිවරයා පවසන්නේ මෝටර් රථ ආනයනය සිදු වුවහොත් රට නැවත ආපස්සට ගමන් කිරීමේ හැකියාවක් පවතින නමුත් ක්‍රමානුකූලය පියවරෙන් පියවර යමින් අත්‍යවශ්‍ය වාහන වර්ග ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගන්නා බස් රථ මේ වනවිට ආනයනය සඳහා අවසර ලබා දී ඇති බවත් ජනාධිපතිවරයා පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: