hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 මැයි 12, ප.ව. 2:59



ලබන වසරේ සිට යළිත් වාහන ආනයනය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සදහන් කරයි.

ආර්ථිකයට යම් කිසි දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට සහ වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට විතරයි මෙතෙක් වාහන ආනයනයට අවසර ලබාදී තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ,

” රජය තෝරගත්ත පිරිසකට වාහන ආනයනය කරන්න අවසර ලබාදෙන්නේ නැහැ. මෙතෙක් වාහන ආනයනය කිරීමට අවසර ලබාදීලා තියෙන්නේ වාණිජමය අවශ්‍යතාවයන් සඳහා පමණයි ඒ කියන්නේ ආර්ථිකයට යම් කිසි දායකත්වයක් දැක්වීම සඳහා ආර්ථික ක්‍රියාවලියකට සහ වාණිජමය ක්‍රියාවලියකට යොමුවෙන අයට විතරයි මෙතෙක් වාහන ආනයනය අවකාශය දීලා තියෙන්නේ.

අද සීමාවක් තියෙනවානම් ආනයනය සම්බන්ධයෙන් මෙම සීමාව පුද්ගලික භාවිතාව සඳහා ආනයනය කරනා වාහන පමණයි. එතකොට ඒ සීමාවත් ඉදිරියේදී ලිහිල් වේවි. ලබන අවුරුද්ද වෙද්දි ඒක ලිහිල් වේවි. හැබැයි විවෘත වීමත් යම් ක්‍රමාණුකූල විවෘත වීමක් බවට පත්විය යුතුයි.” 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: