hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 06, පෙ.ව. 12:02



චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බවයි යුරෝපා සංගමය පවසන්නේ.

ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.

එසේම චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා ආනයන බද්දක් ලෙස පනවා ඇති 10%ක බද්ද නොවෙනස්ව පවතින බවයි පැවසෙන්නේ.

ඒ හේතුවෙන් යුරෝපා සංගමය තුළ චීන ව්ද්‍යුත් වාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: