hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 05, පෙ.ව. 12:03



මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු සඳහා වසරක් පැරණි වාහන ආනයනය කිරීමට ඉඩ සැලසෙන පරිදි ලිහිල් කළ බවයි.

එමෙන්ම ඒ මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදය තුළ පනවා තිබූ වාහන ආනයන තහනම විශේෂ අවශ්‍යතා සපුරාලීම සඳහා පියවරෙන් පියවර ලිහිල් කළ බවයි.

තව ද, සෞඛ්‍ය ක්‍ෂේත්‍රය සඳහා වන වාහන ආනයනය සඳහා පසුගියදා ආනයන තහනම ලිහිල් කළ බවත් සංචාරක කටයුතු සඳහා ලිහිල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

ආසන 6-15 (විදුලි හා දෙමුහුන්) සහිත වෑන් රථ 750ක් සහ කුඩා බස් රථ සහ විශාල බස් රථ සඳහා ආසන 16-30 අතර ආසන ධාරිතාවක් සහිත බස් රථ 250ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එමෙන්ම, කිසිදු විශේෂ බදු සහනයක් නොමැතිව මෙම වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන බවත් සාමාන්‍ය බදු ගෙවීමට යටත් වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: