hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 04, පෙ.ව. 9:48



මෝටර් රථ නැවතත් ආනයනය කිරීම සඳහා සූදානම් වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, එන්ජින් ධාරිතාව 1000cc ට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එම සංගමය කියා සිටින්නේ ඊට අවශ්‍ය කටයුතු ඉදිරි මාසයක කාලයක් තුළ ලබා සිදු වනු ඇති බවයි.

ආදායම් බදු ඉහළ නංවාගැනීමද මෙහි එක් ප්‍රධාන අරමුණක් බවයි සංගමය පවසන්නේ.

එන්ජින් ධාරිතාව අඩු මෝටර් රථ පමණක් ආනයනය කරන්නේ විදේශ සංචිත ප්‍රමාණය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට බවද සංගමය වැඩිදුරටත් පවසයි.

මේ අතර, ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබෙනවා.

මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙන්.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: