hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 අප්‍රේල් 22, ප.ව. 11:55



මහනුවර, අකුරණ නගරයේ “පිපිරීමක් සිදු කරන බවට ව්‍යාජ ඇමතුමක්” ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, අද (22) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු බව ඔහු පැවසුවා.

එමෙන් ම, ඔහු මවුලවි කෙනෙකු යැයි සැක කරන බව ද පොලිසි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, සැකකරු අදාළ ඇමතුම ලබා දුන් දිනට පසුව දා තවත් ඇමතුමක් ලබා දී මුස්ලිම් වැසියන් වාසය කරන ගම්මාන 4කට ප්‍රහාරයක් එල්ල වන බවට ද තොරතුරක් ලබා දී තිබුණු බවයි.