hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 20, ප.ව. 3:59



තලංගම පොලිස් වසමට අයත් කලල්ගොඩ ප්‍රදේශයේ සුවිසල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දහදෙනකු තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කාලයක් තිස්සේ මෙම ස්ථානයේ සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර පොලීසියට ලද තොරතුරක් මත තලංගම පොලිසිය විසින් කළ විශේෂ මෙහෙයුමකදී පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තලංගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක ජයතිස්ස සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂිණී මහත්මියගේ මැදිහත්වීමෙන් මෙම මෙහෙයුම සිදු කළා.