hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 26, ප.ව. 3:51



නිවසට ආහාර ද්‍රව්‍ය රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු උඩරට මාර්ගයේ දුම්රියේ ගැටි බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත අද (26) ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසුවා.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් ගේට්ටුවට නුදුරින් එම පුද්ගලයා දුම්රියේ ගැටි විසි වි බරපතල ලෙස තුවාල ලබා සිටියදි එම දුම්රියේ ආරක්ෂක අංශ නිලධාරින් විසින් තුවාල ලැබු පුද්ගලයා එම දුම්රියෙන්ම රැගෙනවිත් හැටන් දුම්රිය ස්ථානයට භාර දි තිබෙනවා.

තුවාල ලැබු පුද්ගලයා හැටන් ස්ටැඩන් වතු යායේ පදිංචිකරුවෙකු බවට සැකකරන අතර, එම වතුයායේ පදිංචිකරුවන් හැටන් නගරයට පිවිසිමට ඇති කෙටිම මාර්ගය දුම්රිය මාර්ගය බවත්, එම වතු යායේ පදිංචිකරුවන් නිරතන්තරයෙන් එම දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කරන බවයි අනතුර සිදු වු ස්ථානයේ පදිංචිකරුවන් කියා සිටින්නේ.

දුම්රියේ ගැටුණු පුද්ගලයා අවුරුදු 60ක් පමණ වයසැති පුද්ගලයෙකු බවත්, ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වි නොමැති බවද අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසුවා.