hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 22, ප.ව. 6:41



නාවලපිටිය සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වූ බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට අයත් ගිලන් රථයක් ත්‍රිරෝද රථ තුනක් අනතුරට පත් කර පලා යමින් සිටියදි ගිලන් රථය නිවසක් අසලට ගොස් අනතුරට පත් වී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

අද (22) පස්වරු 4.30ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් අලුත්ගම ප්‍රදේශයේදී.

අධික වේගයෙන් ධාවනය වී ඇති ගිලන් රථයට හැටන් එම්.ආර් නගරයේදි ප්‍රධාන මාර්ගය අභියස ගාල් කර තිබු ත්‍රිරෝද රථ දෙකක් ප්‍රථමයෙන් අනතුරට පත් කර ගිලන් රථය නොනවත්වා ධාවනය කිරිමේදි හැටන් අලුත්ගම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු තවත් ත්‍රිරෝද රථයක ගැටි ගිලන් රථය නතර වි තිබෙනවා.

ගිලන් රථයේ රියදුරා අධික ලෙස බිමත්ව ගිලන් රථය ධාවනය කර ඇති බවත්, නිවස අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයේ ගිලන් රථය ගැටෙන අවස්ථාවේ ත්‍රිරෝද රථය අසල සිටි දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසුවා.

ගිලන් රථයේ රියදුරා හැටන් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරෙන් ගිලන් රථයට සහ ත්‍රිරෝද රථ තුනට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ පවත්වයි.

හැටන් – රංජිත් රාජපක්ෂ