hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 25, පෙ.ව. 11:52



වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ මාර්ගයේ පාපැදියෙන් ගමන්ගත් තරුණයෙකු ඊයේ (24) දින කන්ටේනර් රථයකට යටවීමෙන් බරපතල තුවාල ලබා ඇතැයි වව්නියාව පොලීසිය පවසයි.

අදාළ අනතුර අසල පිහිටි වෙළඳසැලක තිබූ සී.සී.ටී.වී කැමරාවක පටිගත වී ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ කන්ටේනර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් කන්ටේනර් රථයට යට වන පාපැදිකරුගේ කකුලට දැඩි හානි සිදුවන ආකාරයද දර්ශනය වන අතරම එම අවස්ථාවේදීම පොලීසිය සහ අසල්වාසීන් පාපැදිකරු වව්නියාව මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

පාපැදිකරුගේ පාදයට ශල්‍යකර්මයක් සිදු කිරීමට සිදුව ඇති බවටත් බොහෝ සෙයින් පාදය අනතුරට ලක්වූ ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇතැයිද වව්නියාව රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුරටත් පැවසුවා.

කන්ටේන්ර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වව්නියාව පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

වන්නි – රොමේෂ් මධුෂංඛ