hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 29, පෙ.ව. 11:09



වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක වන අතර ඇය ග්‍රාසියන් කොටස, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

වැල්ලවත්ත පොලිස් වසමේ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය අසලදී කොළඹ කොටුව සිට අලුත්ගම බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් ඊයේ (28) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසුවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, මියගිය තරුණිය සහ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන තරුණිය එකම පවුලේ සහෝදරියන් බවට මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති බවයි.