hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 13, ප.ව. 7:16



දක්ෂිණ අධිවේගි මාර්ගයේ දෙවට පින්නදුව පිවිසුමේ නුගදුව ප්‍රදේශයේ දි කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් වු අනතුරකින් කාර් රථයේ ගමන්ගත් විශ්‍රාමික ගුරුවරියක් මිය ගොස් ඇති  බව අද (13) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති  හදිසිමරණ පරික්ෂණයේ දි අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුරු අද (13) පෙරවරු 10.30ට පමණ සිදුවි ඇති අතර අනතුරෙන් මියගොස් ඇත්තේ  දොන් ධනවති ජයසිරි ගුණසේකර නැමති අගුළුගහ දොරපේ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

කාර් රථය සදහා දුම් පරික්ෂණ වාර්තාවක් ලබා ගැනිම සදහා ඇය තම පුතු සමග කාර් රථයෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

පුතු විසින් කාර් රථය පදවා ඇති අතර කාර් රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටිමෙන් මෙම අනතුර වී තිබෙනවා.

කාර් රථයේ බද ප්‍රදේශය විදුලි කණුවේ වැදි ඇති අතර මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබු විශ්‍රාමික ගුරුවරිය  කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා.

ගාල්ල – ලලිත් චාමින්ද