hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 අගෝස්‍තු 14, ප.ව. 7:19



74 හැවිරිදි වයෝවෘද්ධ රෝගී කාන්තාවක රැගෙන යමින් සිටි මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 19.1 පරගස්තොට ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙයි ගැටී සිදු වූ අනතුරකින් එම කාන්තාව තුවාල ලබා රෝහල්ගත කළ බව අධිවේගී මාර්ග රථ වාහන ගැලනිගම කොට්ඨාසය සඳහන් කරයි.

තුවාල ලද කාන්තාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මැදිහත්ව ගිලන් රථයකින් නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම වයෝවෘද්ධ කාන්තාව නිවස තුල ඇද වැටීමෙන් වූ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා මරදන් කඩවලට ගොස් දූ පුතුන් සමඟ යළි  නිවස කරා යමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ පස් දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලද කාන්තාව හැරෙන්නට අනෙක් කිසිවකුටත් තුවාල සිදුවී නැතැයි නැතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.