hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 15, ප.ව. 1:40



බෝකුන්දර අයි.සි.සි මාර්ගයේදී තරඟයට තරුණයෙක් පැදවූ යතුරුපැදියක් සහ තනි රෝදයෙන් තරුණයකු පැද වූ යතුරු පැදියක් ඊයේ (14) සවස මුහුණට මුහුණ ගැටීමෙන් එක් තරුණයෙකු මිය ගොස් අනෙක් තරුණයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පිලියන්දල පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ තරඟයට යතුරුපැදිය පැදවූ පිලියන්දල පැලවත්ත ගොරකපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පවන් හේශාන් නම් 19 හැවිරිදි තරුණක්.

බරපතළ තුවාල ලද අනෙක් තරුණයා කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මියගිය තරුණයා මිතුරකුගෙන් ඉල්ලාගත් යතුරුපැදියක් භාවිතා කරමින් තවත් තරුණයෙක් සමග බෝකුන්දර අයි.සි.සි මාර්ගයේ සිට හොරණ කොළඹ මාර්ගයේ දෙසට අධික වේගයෙන් ධාවනය කිරීමේදී මියගිය තරුණයා ඉදිරියෙන් යතුරුපැදිය ධාවනය කර ඇති අතර ඔහු ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථයකට ඉස්සර කර ඉදිරියට පැමිණීමේදී යාමේදී  ඔහුගේ සමීපතම මිතුරෙකු තනි රෝදයෙන් විරුද්ධ දිශාවේ සිට ඉදිරියට යතුරුපැදිය ධාවනය කර ඇති අතර එම යතුරුපැදිය මාර්ගයේ දකුණු දෙසට ඇදී යාමේ දී යාමේ දී යතුරු පැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය පවසයි.

යතුරුපැදි දෙක 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරුව තරඟයට සහභාගි වූ යතුරු පැදිය සිටි තරුණයාගේ යතුරු පැදිය මීටර් තිහක් පමණ මාර්ගය දිගේ ඇදී ගොස් නැවතී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරක් සමඟම වහා ක්‍රියාත්මක වූ සෙසු තරුණයන් බරපතල තුවාල ලබා සිටි තරුණයන් දෙදෙනා  වේරහැර කේ ඩි යු රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනු ලැබ ඇතැයි පොලිස් නිළධාරියෙකු පැවසුවා.

ඒ වන විටත් එම තරුණයා මිය මිය ගොස් සිට ඇතැයි පොලිසිය පවසා සිටියා.

අනතුරින් පසු මේ දක්වා මියගිය තරුණයා පැදවූ යතුරුපැදිය අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

අනෙක් යතුරුපැදිය (තනි රෝදයෙන් පැද වූ) බෝකුන්දර ප්‍රදේශයේ යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට බාර දී තිබියදී අද පෙරවරුවේ සොයාගත් බව පොලිසිය කියයි.

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු රෝහලේ දී සිදුකිරීමට නියමිතයි.

බරපතළ තුවාල ලද වයස අවුරුදු 16 ක තරුණයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.

පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන්