hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 22, ප.ව. 3:54



යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව තේක්කවත්ත ප්‍රදේශයේදී එළුවන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක යතුරු පැදියක් ඊයේ (21) ගැටීම හේතුවෙන් යතුරුපැදිකරු මිය ගිය බවට වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව සිට කොළඹ දක්වා එළුවන් පටවාගත් ලොරි රථයක් ධාවනය වී ඇති අතර යතුරුපැදිය තේක්කවත්ත ප්‍රදේශයේ සිට වව්නියාවට ධාවනය වෙමින් තිබියදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසුවා.

අනතුරින් යතුරුපැදියේ යතුරුපැදිකරු එම ස්ථානයේදීම් මියගොස් ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි ආනන්දරාජ් කේදීස්වරන් නැමති තරුණයෙක්.

අනතුරට හේතුව මෙතෙක අනාවරනය වී නොමැති අතර අනතුරින් පසුව ලොරි රථයේ සිටි එළුවන් 97 දෙනෙකුද පොලිස් භාරයට ගනු ලැබුවා.

රථයේ රියදුරු වව්නියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වව්නියාව මහෙත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

වන්නි – රොමේෂ් මධුෂංඛ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: