hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 23, පෙ.ව. 10:34



ගිරිඋල්ල පන්නල මාර්ගයේ මැල්ල වලාන හන්දිය ආසන්නයේදී ඊයේ (22) දහවල් ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙක් එම ස්ථානයේදීම මිය ගිය බව පන්නල පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 20 හා 30 පසු වන ගිරිඋල්ල පදිංචි තරුණයන් දෙදෙනෙක්.

ගිරිඋල්ල සිට පන්නල දෙසට ලොරි රථය ධාවනය කර මාර්ගයේ වම්පසට වන්නට නවතා තිබියදී එම දිසාවට අධික වේගයෙන් ධාවනය වූ තරුණයන් පැද වූ යතුරුපැදිය වේගය පාලනය කර ගත නොහැකිව ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර වී තිබෙනවා.

අනතුරින් යතුරු පැදියට බරපතළ අලාභ සිදු වී තිබෙනවා.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන් ජයසිංහ