hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 05, ප.ව. 5:13



රෝගී රැඳවියකු රැගෙන යමින් සිටි මාතර බන්ධනාගාරයට අයත් බස් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එහි ගමන් ගමන්ගත් අඹුසැමි යුවළක්  බරපතළ තුවාල ලබා හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව බණ්ඩාරගම පොලීසිය පවසනවා.

බන්ධනාගාර බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කල නියාමකවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

බණ්ඩාරගම කළුතර මාර්ගයේ  බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේ දී මෙම අනතුර වූ බව පොලිසිය සඳහන් කරනවා.

තුවාල ලද අඹු සැමි යුවළ බණ්ඩාරගම නගරයේ සිට මොරන්තුඩුව දෙසට යතුරු පැදියෙන් යමින් සිටියදී  බන්ධනාගාර බස් රථය කළුතර දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණීමේදී මාර්ගයේ විරුද්ධ දිශාවෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

යතුරු පැදියේ ඉදිරිපස බන්ධනාගාර බස් රථය ගැටීමෙන් බන්ධනාගාර බස් රථයේ දකුණු පස ඉදිරි කොටසට බරපතල අලාභ සිදු වී ඇති අතර යතුරු පැදියට ද බරපතළ  අලාභ සිදුවී තිබෙනවා.

තුවාල ලද  යුවළ ප්‍රදේශවාසීන් විසින් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී ලබාදී ඒ මොහොතෙම හොරණ මූලික රෝහල කරා යොමු කිරීමට පියවර ගත් බව  රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවා.

තුවාල ලද යුවල බණ්ඩාරගම හද්දගොඩ වටරවුම් පාර පදිංචිකරුවන්.

සැකකාර බන්ධනාගාර නියාමක රියදුරු  අධිකරණය  වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත වහන්සේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වි.චන්දරත්න ,පොලිස් කොස්තාපල්  ප්‍රසාද් මහත්තුරු පරීක්ෂණ පවත්වයි.