hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 27, පෙ.ව. 9:31



දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23.1 කළුතර උතුර පැල්පොල ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ කන්ටේනරයක් ඊයේ (26) රාත්‍රියේ දී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත කොන්දොස්තරවරයා ද සිටින බව පොලීසිය සඳහන් කළා.

අනතුර වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 38 දෙනෙකු ගමන් කර ඇති අතර එයින් අඩකට ආසන්න ප්‍රමාණයකට තුවාල සිදුවී තිබෙනවා.

ගාල්ල ප්‍රදේශයේ සිට ටයර් තොගයක් පටවාගෙන මීගමුව කිඹුලාපිටියට රැගෙන යමින් තිබූ කන්ටේනර් රථය කොළඹ දෙසට ධාවනය වීමේදී මාතර සිට මාකුඹුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස්රථය පිටුපසින් පැමිණ කන්ටේනර් රථය හා ගැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය සඳහන් කළා.

කන්ටේනර් රථයට ඉදිරිපසින් ධාවනය වෙමින් තිබූ මෝටර් රථයට ඉස්සර කර වම්පස මංතීරුවට ගැනීමත් සමගම බස් රථය  ගැටී අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුර රාත්‍රී 10 ,10 ට පමණ සිදුවී ඇති බව වාර්තා වෙනවා.

අනතුර 1969 අධිවේගී පාලන මධ්‍යස්ථානයට ලද දුරකථන ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ දක්ෂිණ අධිවේගී රථ වාහන රථවාහන ගැලනිගම පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ  බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් සිව් දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමටත් තවත් කණ්ඩායමක් සෙසු අයට එම ස්ථානයේදී ම මූලික ප්‍රතිකාර ලබා දීමටත් පියවර ගෙන තිබෙනවා.

අනතුර සිදු වූ  අවස්ථාවේ දී බස් රථයේ පැමිණි මගී කාන්තාවක් කුපිත වී කන්ටේනර් රථ රියදුරාට පහර දීමත් සමගම  සෙසු මගින් ද පහර දී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයාගේ අතකට බරපතළ තුවාල සිදුවී තිබූ අතර සෙසු මගීන් බහුතරයක් දෙනාගේ මුහුණ, කට හා නහය ආදී ප්‍රදේශවලට තුවාල සිදුවී තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරියෙක් පැවැසුවා.

සිදුවූ අනතුරෙන් බස් රථයේ ඉදිරිපස වම්පස ප්‍රදේශයට බරපතළ හානි සිදුවී ඇති අතර කන්ටේනර් රථයේ පිටුපස ප්‍රදේශයට තරමක හානි සිදුවී තිබෙනවා.

සුඛෝපභෝගී මගී බස් රථය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වී මාතරින් ධාවනය වී ඇති බවට ද බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළා.

අනතුරට පත් බස් රථයේ පැමිණි සෙසු මඟින් වෙනත් බස් රථයක් ගෙන්වා පිටත් පිටත් කර හැරීමට කටයුතු කර තිබෙනවා.

බස්රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය සඳහන් කළා.

දක්ෂිණ අධිවේගී රථවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ මහත්වරුන්ගේ උපදෙස් මත ගැලනිගම රථවාහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත් ගාමිනි, උප පොලිස් පරීක්ෂක ජි.සි.එල්.දිසානායක, පොලිස් සැරයන්වරුන් වන (14612) සම්පත්, (13516) පත්මසිරි ,  පොලිස් විශේෂ කාර්යය බලකා හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ පොලිස් සැරයන් (37620) කේ.අයි.සිල්වා (66877) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (79772)  රාජකරුණා,  (13913) ජයසිංහ මහත්තුරු පරීක්ෂණ පවත්වයි.