hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 26, ප.ව. 4:17



ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයට බලහත්කාරයෙන් ගොඩවී  රියදුරුගේ ගෙල මිතුරා මිරිකද්දි ඒ පසුපස හඹා ගිය යතුරුපැදිකරු මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක ගැටී මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය සඳහන් කළා.

අනතුරින් මියගොස් ඇත්තේ (29) වැනි වියේ පසුවන අංක 36/26 , බැද්දගාන, පිටකෝට්ටේ ලිපිනයෙහි පදිංචි විතාන මුදියන්සේලාගේ මල්ක මදුසංක නැමැති පොලියට මුදල් ලබා දෙන තැනැත්තෙක්.

මිය ගිය තරුණයාගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් නිවසේ පැවති ප්‍රිය සම්භාෂණය දී මත්පැන් නිමවීමෙන් අනතුරුව මියගිය තරුණයා මිතුරකු සමඟ මත්පැන් රැගෙන ඒම සඳහා පැමිණීමේ දී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

මිය ගිය යතුරු පැදිකරු මිතුරා නංවාගෙන බැද්දගානේ සිට නුගේගොඩ ප්‍රදේශයට පැමිණ ඇති බවත් එලෙස පැමිණෙන විට මීට කලකට ඉහතදී පොලියට මුදලක් ලබාගෙන එය නොදී මග හරිමින් සිටී ත්‍රීරෝද රියදුරු දැකීමක් සමග යතුරු පැදියෙන් ත්‍රීරෝද රථයට මඟ හරස් කර ඇති අතර ඒ  සමගම ත්‍රීරෝද රථ රියදුරු එය මගහැර පලා යාමට උත්සාහ දැරීමේදී පැදිකරුගේ උපදෙස් මත පසු පැදිකරු ත්‍රීරෝද රථයට බලහත්කාරයෙන් නැඟ තීරෝද රථ රියදුරුට කනට පහරදී ගෙල මිරිකා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ රියදුරු එයින් බේරීම සඳහා මිරිහාන පොලිස් ස්ථානය වෙත රථය ධාවනය කර ඇති බවත් තදින් ගෙළ සිර කිරීම හේතුවෙන් රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය පුරා ත්‍රිරෝද රථයේ ඒ මේ අත යාමේදී ත්‍රීරෝද රථයට සමාන්තරව ත්‍රීවීල් රථයේ රියැදුරුට බැණ වදිමින් තර්ජනය කරමින් පැමිණි යතුරු පැදිකරුට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ලිස්සා ගොස් පෙරළි ජුබිලි කණුව දෙස සිට පිටකෝට්ටේ දෙසට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක ඉදිරිපස ගැටී මීටර් 10 ක පමණ දුරක් ඇදීගොස් නැවතී ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය පවසනවා.

කාර් රථයේ ඉදිරිපස වැදී විසිවී ගිය යතුරු පැදිකරු බරපතළ තුවාල ලබා සිටි බැවින් ප්‍රතිකාර සඳහා විගස දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළද ඒ වනවිටත් යතුරුපැදිකරු මියගොස් සිටි බව මිය ගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.

ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය වන අයුරුත් එහි පසුපස  මිය ගිය යතුරු පැදිකරු කෑගසමින් යතුරුපැදිය පදවන අයුරු සිසිටිවි  කැමරාවක සටහන්ව  තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාල ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු අයිස් සහ හොරයින් මත්කුඩු නැමැති මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට හා යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු මත්පැන් පානය කර ඇති බව වෛද්‍ය පරීක්ෂණයේදී තහවුරු වී ඇති බවත් පොලිස් නිලධාරියකු පැවැසුවා.

යතුරුපැදියේ පැමිණි පසු පැදිකරු ත්‍රිරෝද රථයේ රියදුරාගේ ගෙල සිරකොට ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.

අනතුරට ලක්වූ යතුරු පැදිය හා ත්‍රිරෝද රථයේ මෙන්ම කාර් රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරුවන් අද (26) ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.බී.එස් ජයමහ මහතාගේ සෘජු අධීක්ෂණය මත මිරිහාන මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගජනායක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ආර් ඒ . රත්නසිරි, පොලිස් සැරයන් 16861 විජේරත්න පොලිස් කොස්තාපල් 87646 තාරක, 31944 අධිකාරි, 88801 තරංග, 87646 තාරක යන නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.