hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 17, ප.ව. 7:38

මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා මහනුවර පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා මෙන්ම හිටපු මධ්යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ගාමිණී විජය බණ්ඩාර මහතා විසින් පදවන ලද ජීප් රථයක මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ කහ ඉර මතින් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළක් ගැටී මරණයට පත්ව තිබෙනවා.

අනතුර ඊයේ (16) රාත්‍රී 8.10ට පමණ සිදුව තිබෙන අතර  මියගොස් ඇත්තේ  42 හැවිරිදි පියා සහ 11 හැවිරිදි ඔහුගේ පුතා බව මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසනවා.

මියගිය සිසුවා මෙවර ශිෂ්යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බව දැන ගන්නට තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පදිංචි චන්දික සම්පත් රොද්රිගෝ සහ විමන්ත රොද්රිගෝ නැමැති ඔහුගේ පුතායි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාතහේවාහැට ආසන සංවිධායක ගාමිණි විජයබණ්ඩාර නැමැති අය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකරු කරාටේ ක්‍රීඩා උපදේශකවරයෙකු වන අතර ඔහු කරාටේ පංතියක් නිමකර ආපසු නිවස බලා යමින් සිටිය දී මෙම අනතුරුව සිදුව තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

එම ජීප් රථය මහනුවර ධර්මරාජ විදුහල ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ කහ ඉර මතින් ගමන් කරමින් සිටි පිය පුතු දෙපළක් ගැටී මරණයට පත්ව තිබෙනවා

අනතුර ඊයේ (16) රාත්‍රී 8.00 ට පමණ සිදුව තිබෙන අතර  මියගොස් ඇත්තේ  42 හැවිරිදි පියා සහ 11 හැවිරිදි ඔහුගේ පුතා බව මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසනවා.

මියගිය සිසුවා මෙවර ශිෂ්යත්ව විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින බව දැන ගන්නට තිබෙනවා..