hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ජූලි 26, ප.ව. 3:10



මීගොඩ පොලිසියේ  ස්ථානාධිපතිවරයා පදවා ගෙන යමින් සිටි සුඛෝපභෝගී මෝටර් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් ඒ මහතා තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි තිනියාවල පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතායි.

ස්ථානාධිපතිවරයා නිවාඩු ලබා මොරවක ප්‍රදේශයේ නිවස කරා යමින්  සිටිය දී ඊයේ අලුයම 1.30ට පමණ පැලවත්ත නෙළුව මාර්ගයේ  13කණුව අසලදී මෝටර් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

ස්ථානාධිපතිවරයා පැදවූ මෝටර් රථය 13 කණුව අසල වංගුව ආසන්නයේ යොදා තිබෙන ආරක්ෂිත වැටේ ගැටී මාර්ගයෙන් ඉවතට ගොස් අඩි 28 ක් පමණ ප්‍රපාතයකට වැටී මෙම අනතුර වී තිබූ බව පොලිසිය සඳහන් කරනවා.

තුවාල ලද ස්ථානාධිපතිවරයා උඩුගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහල වෙත  ඇතුළත් කර තිබෙනවා.

සිදුවූ අනතුරින් ස්ථානාධිපතිවරයාට බරපතළ තුවාල නැතැයි පොලිසිය සඳහන් කරනවා.

අනතුරින් මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත.

තිනියාවල පොලිසියේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් බණ්ඩාර මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.

 බණ්ඩාරගම – බිමල් ජයසිංහ