hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 21, ප.ව. 10:18



මීගමුව – පෙරියමුල්ල දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් එකම පවුලේ සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද පස්වරු 2යි 30ට පමණ සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබුවේ 48 හැවිරිදි මවක් සහ ඇගේ දරුවන් තුන්දෙනායි.

ඔවුන් 27,16 සහ 9 හැවිරිදි වියේ පසුවනවා.

මේ වන විට තුවාලකරුවන් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

අනතුරට පතවූ ජිප් රථය තුළ සිර වී සිටි පිරිස පිටතට ගැනීමට ප්‍රදේශවාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු ව තිබෙනවා.

27 හැවිරිදි වැඩිමහල් පුතු ජිප් රථය පදවා ඇති අතර, මාර්ග මංතීරු දෙකට වෙන් වෙන් වශයෙන් පවතින දුම්රිය පැති ගේට්ටු වසා තිබියදී අනාරක්ෂිත ලෙස ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදීයි අනතුර සිදුව ඇත්තේ.

සේවා දුම්රියක එය ගැටී ඇති අතර, පසුව මිටර් 100ක් පමණ දුර දුම්රිය මාර්ගය ඔස්සේ ඇදී ගොස් තිබුණා.

එම අවස්ථාවේ දී අධිබලැති විදුලි කණුවක් ද දුම්රිය මතට වැටීමෙන් තවමත් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙනවා.