hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 8:38



පිලියන්දල සුවාරපොල බුද්ධාලෝක මාවත ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාසල් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව පිලියන්දල පොලිසිය පවසනවා.

තුවාල ලබා ඇත්තේ ගෝනපොළ ඔලබොඩුව ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙක්.

අනතුරින් තුවාල ලද පාසල් සිසුවා මිතුරකුගෙන් යතුරු පැදියක් ඉල්ලාගෙන තවත් මිතුරකුගේ නිවසක් වෙත යමින් සිටියදී බුද්ධාලෝක මාවතේදී ඉදිරියට පැමිණෙමින් තිබූ බස්රථය දැක යතුරු පැදි තිරිංග තද කර ඇති අතර ඒ සමගම යතුරු පැදිය පෙරළී බස්රථය ඉදිරිපසට ඇදී ගොස් එහි සිරවී ඇත. ඒ සමග බස් රථය යතුරු පැදියත් සමඟ මීටර් කීපයක් ඉදිරියට ධාවනය වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුයින් සිසුවා ගේ හිසට සහ ශරීරයට බරපතල තුවාල සිදුවී පිලියන්දල රෝහලට ඇතුලත් කිරීමෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කර තිබෙනවා.

සිසුවාට නිත්‍ය රියදුරු බලපත්‍රයක් නොමැති අතර රියදුරු පාසලකින් ලබාදුන් පුහුණු බලපත්‍රයක් පමණක් ඇති බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් පාසල් බස් රථ රියදුරු පිළියන්දල බටකැත්තර පදිංචිකරුවෙකු වන අතර කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ශ්‍යාමන්