hit counter

2024 මැයි මස 05 වන ඉරිදා

2023 අගෝස්‍තු 13, ප.ව. 2:27



මුහුණු පොත හරහා සංවිධානය වී හොරණ කොළඹ මාර්ගයේ කුඹුක ප්‍රදේශයේ තරඟයට යතුරුපැදි ධාවනය කළ තරුණයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහෙන පොලිසිය කියයි.

එම සැකකාර තරුණයන් කුබුක සිට ගෝනපල දක්වා අපරික්ෂාකාරී ලෙස ඝෝෂාකාරී අන්දමින් යතුරුපැදි ධාවනය කරන බවට මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම යතුරු පැදි විවිධ අංගෝපාංග එකතු කර ඉදිරිපස රෝදය ඉස්සිය හැකි ආකාරයෙන් සකස් කර තිබූ බවත් පැති කණ්නාඩි ද එහා මෙහා කැරකිය හැකි ආකාරයෙන් සකස් කර තිබූ බවත් පොලිසිය කියයි.

පොලිස් භාරයට ගත් බහුතරයක් යතුරු පැදිවල ටයර් ඉතා අධික ලෙස ගෙවී තිබු බවත් සමහර යතුරුපැදිවල පිටුපස ලියාපදිංචිය අංක තහඩුව නොමැති බවත් වැටලීම කළ නිලධාරියෙක් පැවැසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුතර මොරන්තුඩුව හොරණ ආදී ප්‍රදේශ වල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙනවා.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පානදුර කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීමෙන් රථ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක විමල් ආනන්ද පොලිස් සැරයන් 38019 ඉන්දික පොලිස් කොස්තාපල්වරුන් වන 55389 මධුශංක 24999 හර්ශ මහත්වරුන් පරීක්ෂණ පවත්වයි.