hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 22, ප.ව. 5:23



සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කොළොන්නාව ලක්මාල් නොහොත් පරිප්පුවා සමඟ තවත් සැකකරුවන් හය දෙනකු දෙමටගොඩ කාලිපුල්ලවත්ත ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරුවන් සන්තකයේ තිබූ කඩු තුනක් හා මන්නා පිහියක් පොලිසිය මඟින් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කරු වන පරිප්පුවා නමැත්තා ඉකුත් 8 වැනි දින තවත් පිරිසක් සමග එක්ව ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ දී  පුද්ගලයෙකුගේ දෙඅත් වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදු කිරීම,  කොටහේන මැලිබන් හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, ඊට අමතරව පුද්ගලයින් බිය ගන්වා යතුරුපැදි පැහැරගෙන යාම රන් භාණ්ඩ සොරා ගැනීම, වැල්ලම්පිටිය සේදවත්ත කම්බි කොටුව ප්‍රදේශයට පැමිණෙන නාඳුනන ඕනෑම පුද්ගලයකු හට පහරදීම හා බරපතළ තුවාල සිදු කිරීම සුළු මනුෂ්‍ය ඝාතන රැසක් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.