hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 24, පෙ.ව. 11:37



81 හැවිරිදි බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් 82 හැවිරිදි සැමියා සැකපිට අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය, පැල්බිම, ඉලුක්පොත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දරුවන් හය දෙනෙකුගේ මවක් වූ කුරුදු කාරගේ කරුණාවතී නමැති 81 හැවිරිදි කාන්තාවක්.

ඉකුත්දා 17 දා රාත්‍රී  දෙදෙනා අතර බහින් බස් වීමක් සිදු නිවස තුළදී සිදු වී අනතුරුව සැකකාර සැමියා විසින් ජලය ඉවත් කිරීමට යොදා ගන්නා උපකරණයකින් බිරිඳට පහර දී ඇතැයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව ඇයව තල්ලු කිරීමේදී විසිවී ගොස් අල්මාරි හිස ගැටී ඇති අතර බරපතළ තුවාල ලද කාන්තාව පිඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් ඇතුළත් ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට  ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටියදී  ඊයේ   24 අලුයම මියගොස් තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් 17 දා රාත්‍රි සිය පියා තමා වෙත දුරකථන ඇමතුමක් ලබාදී මවට  පහරදුන් බවත් ඇය ලේ පෙරාගෙන බිම වැටී සිටින බවත් දැනුම් දී ඇති බව මියගොස් ඇති තැනැත්තියගේ පුත්‍රයෙකු විසින් ප්‍රකාශ ලබාදීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

බදුරලිය ස්ථානාධිපති (වැබ) පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ.ඩි. වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.