hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ජූනි 08, පෙ.ව. 10:44



කොස් ගෙඩියක් හිස මතට වැටිමෙන් බරපතල තුවාල ලැබු  අවුරුද්දකුත් මාස එකක් වියැති දැරියක් මියගොස් ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි ඊයේ (07) පැවති  හදිසි මරණ පරික්ෂණයේ දි  අනාවරණය වුණා.

මියගොස් ඇත්තේ අක්මිමන, අංකොක්කාවල පදිංචි දෙවිනි ලිෂාරා සමරසේකර නැමති දැරියක්.

මෙකි දැරියගේ මව සහ පියා දැරියත් කැටුව වදුරඹ, පොල්කනත්ත ප්‍රදේශයේ පැවති ඥාති බාප්පා කෙනෙකුගේ අවමංගල උත්සවයකට සහභාගිවිම සදහා ගොස් තිබෙනවා.

දැරියට දාඩිය දැමීම නිසා මව දැරියත් වඩාගෙන මළ ගෙදර පැවති නිවසේ ගෙවත්තේ ඇවිදමින් සිට තිබෙනවා.

ඒ සමඟ කොස් ගසක තිබු කොස් ගෙඩියක් කඩාගෙන මවගේ සහ දැරියගේ හිස්මතට වැටිමෙන් මෙම අනතුර වී තිබෙනවා.

මවත් සුළු තුවාල ලබා ඇති අතර කොස් ගෙඩියේ බර කිලෝ 08ක් පමණ වන බව මරණ පරික්ෂණයේ දි අනාවරණය වුණා.

මියගිය දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල නාගරික හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන්.කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබුවා.

මියගිය දැරියගේ මව වන හියාරේ ගමගේ සචින්තා පියුමන්ති මහත්මිය මරණ පරික්ෂණයේ දි සාක්ෂි දෙමින් මෙසේ සඳහන් කළා.

පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය යු.සි.පි.පෙරේරා මහතා විසින් සිදු කළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මොලයට වු තුවාල නිසා ඇතිවු සංකුලතා හේතුවෙන් මරණය වි ඇති බවට තින්දු කළා.