hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 23, පෙ.ව. 7:34



බදුල්ල ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිටදී කිසියම් පුද්ගලයෙකු ඊයේ (22) පස්වරුවේදී බස් රථ රියදුරෙකුගේ බෙල්ල තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර ඇතැයි බදුල්ල පොලීසිය පවසනවා.

මෙසේ තුවාල වී ඇත්තේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ රැදී සිටි බස් රථ රියදුරෙක්.

ඉන්ධන ලබාගැනීමට පෝලිමේ රැදී සිටියදී පෝලිමෙන් පැන ඉදිරියට යෑමට විරෝධය දක්වමින් තවත් බස් රථ රියදුරෙක් විසින් මෙම පිහි ප්‍රහාරය සිදුකර ඇති බවට මූලික විමර්ශණයෙන් අනාවරණයවී ඇතැයි බදුල්ල පොලීසියේ උසස් නිළධාරියෙක් පැවසුවා.

එම සිදුවීමත් සමගින් කුපිතවූ තවත් බස් රථ රියදුරන් මාර්ගය හරස් කරමින් කලහකාරී ලෙස හැසිරුණා.

තමාට තුවාල සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තෙක් තමන් රෝහල්ගත නොවන බව පවසමින් තුවාලවූ පුද්ගලයාද මාර්ගය මැද වාඩිවී සිය විරෝධයද පල කළා. 

පොලීසිය තුවාලකරුව රෝහලට රැගෙන යාමට උත්සහ කලද කලහකාරී පිරිස් එයට ඉඩ ලබා නොදුන් අතර පසුව පොලීසිය තුවාලකරුව ඔසවාගෙන 1990 ගිලන් රථයෙන් බදුල්ල මහ රෝහලට යැවීමට කටයුතු කළා.

එම අවස්ථාවේදීද කලහකාරීන් පොලීසියට විරෝධය පල කල අතර එහිදී එම පිරිස් පොලිස් අත් අඩංගුවට ගැනීමටයි පොලීසිය කටයුතු කළේ.

ඒ අනුව කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 6 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

කැපුම් තුවාල සිදුකල පුද්ගලයා පලාගොස් ඇති අතර වැඩිදුර විමර්ශණ බදුල්ල පොලීසිය සිදුකරයි.

බදුල්ල – ජයලත් දිසානායක