hit counter

2026 මැයි මස 16 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 08, ප.ව. 12:03



බදුල්ල පහලගම, පහලවත්ත ප්‍රදේශයෙන් ගලා බසින බදුලු ඔයේ ගල්පරයක් මත තිබී පිරිමි මල සිරුරක් ඊයේ (08) උදෑසන හමුවූ බව බදුල්ල පොලීසිය පවසනවා.

බදුලු ඔයෙන් පහලවත්ත ප්‍රදේශයෙන් අන්දෙනිය ගම්මානයට එගොඩවීමට තිබෙන කුඩා පාලමෙන් ගමන්ගත් පුද්ගලයෙක් මෙම මලසිරුර දැක බදුල්ල පොලීසියට දන්වා ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

ඒ අනුව බදුල්ල පොලීසිය පැමිණ විමර්ශන ආරම්භ කල අතර මෙම පුද්ගලයා පිළිබදව නිස්චිත තොරතුරක් මෙතෙක් අනාවරණයවී නොමැති අතර වයස අවුරුදු 65ක් පමණ වෙතැයි අනුමාන කෙරෙනවා.

බදුලු ඔයට වැටුණු මෙම පුද්ගලයා සැඩ පහරට හසුව මෙලෙස මියයන්නට ඇතැයි සැක කරන අතර වැඩිදුර විමර්ශන බදුල්ල පොලීසිය සිදුකරනවා.

බදුල්ල – ජයලත් දිසානායක