hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මාර්තු 23, ප.ව. 12:07



යාපනය, පේදුරුතුඩු නගර්කෝවිල් බටහිර මුහුදු තීරයේ තිබූ ධීවර වාඩියක ගාල් කොට තිබූ ධීවර යාත්‍රා රැසකට ඊයේ (22) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනිතැබීමෙන් ධීවර යාත්‍රා 1ද ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසනවා.

නගර්කෝවිල් ධීවර ජැටියේ ධීවර යාත්‍රා නවතා තිබූ ස්ථානයේ විශාල ගින්නක් එකවරම හටගැනීමත් සමඟ සෙසු ධීවරයින් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවා දැමීමට පියවර ගත්තද ඒ වන විටත් ධීවර යාත්‍රා 10 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.

ගිනිගත් ධීවර යාත්‍රා 10ම පුත්තලම තිල්ලියාඩි ප්‍රදේශයේ පදිංචි අයෙකුට අයත්ව ඇති බවටත් අදාල ගින්න ගිනි තැබීමක් බවට සැකපල කරන අතරම මෙය පෞද්ගලික හේතුවක් මත වූ ගිනිතැබීමක් බවට සැක පලකරන බවටද පොලීසිය පැවසුවා.

කෙසේ වෙතත් ධීවර යාත්‍රා 10 ක් විනාශ වීම හේතුවෙන් අදාල ධීවරයින් දැඩි සේ පීඩාවන්ට පත්ව ඇති අතරම ගිනිතැබූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් අදාල සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.