hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 23, පෙ.ව. 12:24



වෙල්යායක ඉපනැල්ල ට තැබූ ගින්දර නිවීමට එහි ගිය පුද්ගලයෙකු ගින්නට හසුවීමෙන් මියගොස් ඇති බව හුංගම පොලීසිය කියයි.

පෙරේදා (21) පස්වරුවේදී ගින්දර නිවීමට එහි ගිය 37 හැවිරිදි දෙදරු පියකු මෙලෙස ගින්නට හසුවී පිලිස්සීමෙන් මියගොස් තිබෙනවා. 

මෙසේ මියගොස් ඇත්තේ ලුනම පදිංචි වීරසිංහ පට්ටිය ගම ගේ ප්‍රේමදාස යන වයස් අවුරුදු 67ක පමණ අයෙක්.

ලුනම වැව යටතේ වගා කෙරෙන කුඹුරුයාය ඉපනැල්ලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර එම කුඹුරු යායේ ම තවත් කොටසක මුං ඇට වගාව ආරම්භ කර ඇති හෙයින් මුං ඇට වගාවට ගින්න හසු වේ යැයි සිතා තවත් පුද්ගලයෙකු මියගිය අයගේ නිවසට පැමිණ කිහිප වතාවක් ගින්න නිවන ලෙසට දන්වා තිබෙනවා.

ඒ අනුව ගිනිගත් වෙල්යායට ගිය මෙම පුද්ගලයා ගින්න නිවීමට උත්සාහ දැරීමේදී ගින්නට හසුවී පිලිස්සීමෙන් මිය ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.

හම්බන්තොටරාහුල් සමන්ත හෙට්ටිආරච්චි