hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 23, ප.ව. 2:08



පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලිසියට පැමිණිල්ලක් සිදු කිරිමට පැමිණි සිව්දරු මවක් ඊයේ (22) පොලීසිය ආසන්නයේ පිහිටි ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට පැන අතුරුදහන්ව සිටියදි ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් සහ දිඹුල පතන පොලිසියේ නිලධාරින් එක්ව සිරුර ඇල්ල පාමුල දිය වලක තිබි ඊයේ (22) පස්වරුවේ සොයා ගත් බව දිඹුල පතන පොලිසිය පැවසුවා.

මෙසේ ඩොවොන් දිය ඇල්ල පාමුල දිය වලක තිබි සොයා ගනු ලැබුවේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලෙච්චුමන් නිශාන්තනි (34) හැවිරිදි සිව්දරු මවක්.

දරුවන් දෙදෙනෙකු සමග දිඹුල පතන පොලිසියට පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර සිව්දරු මව එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බිමට වතුර විදුරුවක් රැගෙන ලෙස දරුවාට දැනුම් දි දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග සිව්දරු මව ඩෙවොන් දිය ඇල්ලට පැන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලීසිය කියා සිටියේ.

මිය ගිය සිව්දරු මව සිය සැමියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමග ජිවත් වී ඇති බවත්, පසුව එම පුද්ගලයා ඇය සතු මුදල් රැගෙන නිවසින් පිටව ගොස් මාස කිහිපයක් ගත වි ඇතත්, එම පුද්ගලයා තමන්ට කිසිදු දුරකථන ඇමතුමක් හෝ ලබානොදුන් බව පවසමින් මිය ගිය කාන්තාව විසින් පොලිසියට පැමිණි කර තිබෙනවා.

මව සමග ගිය දරුවා ආපසු පොලිසිය වෙත දිවගොස් අම්මා දිය ඇල්ලෙන් පහලට පැන්න බව දැනුම් දුන් බවත්, ඒ අනුව දිඹුල පතන පොලිසිය සහ ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් එක්ව දැඩි පරිශ්‍රමයක් දරා සිරුර සොයාගත් බවත්, ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කල බව දිඹුල පතන පොලිසිය පැවසුවා.

මිය කාන්තාවගේ දරුවන් සිව්දෙනා ඔහුන්ගේ පවුලේ ඥාතින් භාරයේ සිටින බව දිඹුල පතන පොලිසිය පැවසුවා.