hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 23, පෙ.ව. 12:18



පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදු කිරිමට පැමිණි සිව්දරු මවක් ඊයේ (22) පොලීසිය ආසන්නයේ පිහිටි ඩෙවොන් දිය ඇල්ලෙන් පහලට පැන අතුරුදහන් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා.

මෙසේ ඩොවොන් දිය ඇල්ලෙන් පැන අතුරුදහන් වි ඇත්තේ දිඹුල පතන පොලිස් වසමට අයත් බෝගහවත්ත ප්‍රදේශයේ පදිංචි ලෙච්චුමන් නිශාන්තනි (34) හැවිරිදි සිව්දරු මවක්.

දරුවන් දෙදෙනෙකු සමග දිඹුල පතන පොලිසියට පවුල් ආරවුල සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර සිව්දරු මව එක් දරුවෙකු සමග දිය ඇල්ල අසලට ගොස් තමන්ට බීමට වතුර විදුරුවක් රැගෙන ලෙස දරුවාට දැනුම් දී දරුවා එම ස්ථානයෙන් පිටව යාමත් සමග සිව්දරු මව ඩෙවොන් දිය ඇල්ලට පැන ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

මව සමග ගිය දරුවා ආපසු පොලිසිය වෙත දිවගොස් අම්මා දිය ඇල්ලෙන් පහලට පැන්න බව දැනුම් දුන් බවත්, ඒ අනුව දිය ඇල්ලෙන් පහලට පැන්නේ යැයි කියන සිව්දරු මවගේ සිරුර සොයා දිඹුල පතන පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

හැටන් – රංජිත් රාජපක්ෂ