hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 මාර්තු 22, ප.ව. 1:24



පානදුර පිංවත්ත ජාත්‍යන්තර පාසලක සිසුවෙක් අද දහවල් හිටිහැටියේ මියගොස් ඇතැයි පින්වත්ත පොලිසිය සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර උතුර ආබෲ පාර පදිංචිව සිටි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඒ ඩයන ඩියෝන් නැමැති 16 හැවිරිදි සිසුවෙක්.

මියගිය සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමඟ ක්‍රීඩා කරමින් සිටියදී විද්‍යාල භූමියේ රෝගීව ඇද වැටී ඇති අතර රෝහල්ගත කිරීමෙන් අනතුරුව මද වේලාවක දී මියගොස් ඇතැයි සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මියගිය දරුවා රෝගී තත්ත්වයකින් පෙළමින් සිටි අයෙක් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පානදුර අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් විද්‍යාල භූමිය වෙත පැමිණ පරීක්ෂණ පැවැත්වුවා.

මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (22) පානදුර මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතයි.

පානදුර පිංවත්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.