hit counter

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා

2023 මාර්තු 09, ප.ව. 7:32



මව සමග උණට ප්‍රතිකාර ගැනීම සඳහා රෝහලට යමින් සිටි දොළොස් හැවිරිදි පාසල් සිසුවකු ත්‍රීරෝද රථයේ ගැටීමෙන් මියගිය දුක් මුසු පුවතක් පලාගල දඔුලුහල්මිලාව ආනකටාව ප්‍රදේශයෙන් පසුගිය 02 වනදා වාර්තා වුණා.

මෙසේ මියගොස් ඇත්තේ ආනකටාව පදිංචි කේ.ඒ.ජී.හිමාෂ දෙනුවන් සේනානායක නම් දොළොස් හැවිරිදි වියේ පසුවූ කැකිරාව තිබ්බටුවැව විද්‍යාර්ථ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක්.

පසුගිය දාහත් වන දින සිය මව සමඟ ප්‍රතිකාර ලබාගැනීමට දඹුල්ල රෝහලට පාගමනින් යන අතරතුර දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රෝහල පිටුපස ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ධාවනය වූ ත්‍රීරෝද රථයක පැති කණ්ණාඩිය හිසේ වැඳීමත් සමගම අනතුර සිදුව මෙම දරුවා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරත් සමග දරුවාගේ පිටතින් තුවාල කිසිවක් නොමැතිව තිබූ නිසා වෛද්‍යවරුන් දරුවාව වහාම මහනුවර මහර රෝහල වෙත යොමු කර තිබෙනවා.

එදා සිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පාසල් සිසුවා රෝහලේදී මිය ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය සඳහන් කළා.

නාවික හමුදාවේ සේවය කරන නිවාඩු පැමිණ සිටි සෙබළෙකු ත්‍රීරෝද රථය පදවාගෙන ගමන් කරමින් සිට ඇති බවත් අනතුරට පත් දිනයේම ත්‍රීරෝද රථ රියදුරු සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කොට තිබුණු ත්‍රීරෝද රථ රියදුරු නාවික හමුදා සෙබලා මෙම දරුවාගේ මරණය සිදුවීමත් සමඟ නැවත අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.