hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 මාර්තු 25, ප.ව. 4:04



පොලිස් අත්අඩංගුවට ගත් රවිඳු සංඛ ද සිල්වා නොහොත් බුරු මුනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හංවැල්ල දසවේල්ල පාරේ දුරකථන කණුවක් යට සඟවා තිබූ සි ෆෝ වර්ගයේ අදිබලති පුපුරණ ද්‍රව්‍ය ගෑම් 662 ක් සොයාගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසනවා.

ඉකුත් 17 වනදා බුරු මුනා නීතිඥවරයකු සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අවිස්සාවේල්ල මානියම්ගම ප්‍රදේශයේ දී අවිස්සාවේල්ල පොලිසිය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පලාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ලබා දුන් අවසර නියෝගයක් අනුව සැකකරුගෙන් පැය 72ක කාලයක් අද දින දක්වා ප්‍රශ්න කෙරුණා.

බුරු මුනා නමැත්තා සිදුකල ඝාතන සහ අනෙකුත් අපරාධ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය,මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ,රත්ගම , ඇල්පිටිය , හික්කඩුව , කටුනායක, ඌරගහ, හා මීගමුව කොට්ඨාස අපරාධ අංශය ද ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඝාතන නමයක චෝදනා බුරු මුනා ට එල්ල වී ඇතත් තමන් සිදුකලේ ඝාතන දෙකක් බව බුරු මූණා හඬා වැටෙමින් පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සංවිධානාත්මක අපරාධ කරුවකු වන රත්ගම විදුර නමැත්තා ගේ ගෝලය ලෙස කටයුතු කල බුරු මුනා නමැත්තාට විදේශගතවීමට අවශ්‍ය ව්‍යාජ හැඳුනුම්පතක් සහ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා දෙන ලද බව පවසා ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කන්නංගරගේ ලලිත් කන්නන්ගර නමැත්තා බුරු මුනා ව පරකඩුවට ගෙන්වාගෙන හංවැල්ල ඝාතනය මෙහෙයවා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තමන්ගෙ ගෝලයන්ට හිරිහැර කරන ආපන ශාලා හිමිකරු සම්බන්ධයෙන් බුරු මුනා ට ඩුබායි හි සිටින ලලිත් නැමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී කෙසේ හෝ ඔහු ඝාතනය කරන ලෙස ඉල්ලා ඇතැයි සැකකරුගෙන් අනාවරණය වී තිබෙනවා.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී බුරු මුනා නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සොයාගත් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය හංවැල්ලේ ආපනශාලාවක් තුළදී ඝාතනයට ලක්වූ මුස්ලිම් ව්‍යාපාරිකයාගේ නිවසට,ආපන ශාලාවට සහ සහෝදරයා ගේ ආපනශාලාව පුපුරුවා හැරීම සඳහා රැගෙන ආ ඒවා බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.